Lithium-ion vs Graphene: Electric Scooter එකක් සදහා වඩාත් ගැලපෙන්නේ කුමක්ද?

වර්තමානයේ විදුලි වාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කර ඇති මෙම බැටරි වර්ග දෙකෙහිම තාක්ෂණික ලක්ෂණ එකිනෙකට වෙනස්.

1. Lithium-ion (ලිතියම් අයන) බැටරි

ලෝකයේ වැඩිපුරම භාවිත වන බැටරි තාක්ෂණය මෙයයි. ලැප්ටොප්, ජංගම දුරකථන සහ ඉහළ ගණයේ විදුලි පාපැදි වල මෙය බහුලව දක්නට ලැබේ.

බර අඩුයි: ලිතියම් බැටරි ඉතා සැහැල්ලුයි. එම නිසා Electric Scooter Speed සහ පාලනය පහසු වේ.

වැඩි ධාරිතාව (Energy Density): කුඩා බැටරියකින් වැඩි දුරක් (Range) ධාවනය කිරීමේ හැකියාව පවතී.

ආයු කාලය: සාමාන්‍යයෙන් චාර්ජ් වාර (Cycles) 1700 – 2000ත් අතර ප්‍රමාණයක් පවතී. වසර 5ක් පමණ භාවිතා කළ හැකියි.

මිල: ග්‍රැෆීන් බැටරි වලට වඩා මෙහි මිල සාපේක්ෂව වැඩියි.

2. Graphene (ග්‍රැෆීන්) බැටරි

ග්‍රැෆීන් බැටරි ලෙස වෙළඳපොළේ හැඳින්වෙන්නේ සාමාන්‍ය Lead-acid බැටරියකට ග්‍රැෆීන් මිශ්‍ර කර වැඩිදියුණු කළ (Graphene-augmented) බැටරි වර්ගයකි.

වේගවත් ආරෝපණය: ඉතා ඉක්මනින් චාර්ජ් කරගැනීමේ හැකියාව පවතී.

මිල අඩුයි: ලිතියම් බැටරි වලට වඩා බෙහෙවින් මිල අඩු බැවින් අඩු මුදලකට Electric scooter මිලදී ගැනීමට මෙය උදවු වේ.

ආරක්ෂාව: ලිතියම් බැටරි වලට වඩා රත් වීම අඩු අතර ගිනි ගැනීමේ අවදානම ඉතා අවමයි.

බර වැඩියි: ලිතියම් බැටරි වලට වඩා බරින් වැඩියි. එම නිසා Electric scooter එකේ සමබරතාවයට සහ වේගයට යම් බලපෑමක් ඇති විය හැකියි.

Blog

Related Articles

Sem faucibus volutpat bibendum amet mattis lectus tristique sagittis non amet. Velit integer sollicitu lacus qua dictumst lorem

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *