වර්තමානයේ විදුලි වාහන ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් කර ඇති මෙම බැටරි වර්ග දෙකෙහිම තාක්ෂණික ලක්ෂණ එකිනෙකට වෙනස්.
1. Lithium-ion (ලිතියම් අයන) බැටරි
ලෝකයේ වැඩිපුරම භාවිත වන බැටරි තාක්ෂණය මෙයයි. ලැප්ටොප්, ජංගම දුරකථන සහ ඉහළ ගණයේ විදුලි පාපැදි වල මෙය බහුලව දක්නට ලැබේ.
බර අඩුයි: ලිතියම් බැටරි ඉතා සැහැල්ලුයි. එම නිසා Electric Scooter Speed සහ පාලනය පහසු වේ.
වැඩි ධාරිතාව (Energy Density): කුඩා බැටරියකින් වැඩි දුරක් (Range) ධාවනය කිරීමේ හැකියාව පවතී.
ආයු කාලය: සාමාන්‍යයෙන් චාර්ජ් වාර (Cycles) 1700 – 2000ත් අතර ප්‍රමාණයක් පවතී. වසර 5ක් පමණ භාවිතා කළ හැකියි.
මිල: ග්‍රැෆීන් බැටරි වලට වඩා මෙහි මිල සාපේක්ෂව වැඩියි.
2. Graphene (ග්‍රැෆීන්) බැටරි
ග්‍රැෆීන් බැටරි ලෙස වෙළඳපොළේ හැඳින්වෙන්නේ සාමාන්‍ය Lead-acid බැටරියකට ග්‍රැෆීන් මිශ්‍ර කර වැඩිදියුණු කළ (Graphene-augmented) බැටරි වර්ගයකි.
වේගවත් ආරෝපණය: ඉතා ඉක්මනින් චාර්ජ් කරගැනීමේ හැකියාව පවතී.
මිල අඩුයි: ලිතියම් බැටරි වලට වඩා බෙහෙවින් මිල අඩු බැවින් අඩු මුදලකට Electric scooter මිලදී ගැනීමට මෙය උදවු වේ.
ආරක්ෂාව: ලිතියම් බැටරි වලට වඩා රත් වීම අඩු අතර ගිනි ගැනීමේ අවදානම ඉතා අවමයි.
බර වැඩියි: ලිතියම් බැටරි වලට වඩා බරින් වැඩියි. එම නිසා Electric scooter එකේ සමබරතාවයට සහ වේගයට යම් බලපෑමක් ඇති විය හැකියි.

